(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා එම තනතුරින් අද (29) විශ්‍රාම ලැබීය.
විශ්‍රාම යෑමට පෙර සමරසේකර මහතා අද උදෑසන මැතිසබයේදී සිය නිල අසිපත හා සෙන්කෝලය පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුව නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට බාර දුන්නේය.
සමරසේකර මහතා විශ්‍රාම ගියේ පාර්ලිමේන්තුවේ වසර 22ක දීර්ඝ සේවා කාලයකින් පසුවය.වේත්‍රධාරි තනතුරේ පමණක් වසර 12කට වැඩි කාලයක් සේවය කළ සමරසේකර මහතා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ සේපාල සමරසේකර මහතාගේ පුත්‍රයෙකි.
සමරසේකර මහතා විශ්‍රාම යෑමෙන් පසු හිස්වන වේත්‍රධාරි තනතුරට දැනට නියෝජ්‍ය වේත්‍රධාරි ධූරයේ කටයුතු කරන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත්වීමට නියමිතය.ලබන සතියේ මැතිසබයේදී කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.