(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්‍ෂක ගොඩනැගිලි නව තාක්‍ෂණ පහසුකම් සහිතව ප‍්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස පිවිසුමේ පිහිටි ජයන්තිපුර ආරක්‍ෂක ගොඩනැගිල්ල සහ පිටුපස පිහිටි පින්නියර ආරක්‍ෂක ගොඩනැගිල්ල ආරක්‍ෂාව හා මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය නව තාක්‍ෂණික පහසුකම් සහිතව වැඩිදියුණු කිරීමට නියමිත බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.