(ඔගස්ටින් ප්‍රනාන්දු)
මේ වන විට මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිය පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වලිමුනි මෙන්ඩිස් අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගමගේ මහතා අද ( 21 ) නියෝග කළේය.
ඒ අනුව ඒ මහතාට කලින් අධිකරණය විසින් පනවා තිබු ඇප කොන්දේසි තවදුරත් ක්‍රියාත්මක බවත් කලින් ඇපකරුවන් වෙනුවට සැකකරුගේ ලේ ඥාතින් දෙදෙනෙකු ඇප කරුවන් සේ ඉදිරිපත් විය යුතු වන අතර මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවිම සලකා බලා මෙම නියෝගය නිකුත් කරණ බවත් මහාධිකරණ විනිසුරු වරයා මෙහිදි පැවැසිය.
ඒ අනුව සැකකරුගේ පුතුන් දෙදෙනා ( එක් අයෙක් හලාවත නගර සභාවේ සභාපති වලිමුනි මෙන්ඩිස් තුෂාන් චතුරංග) දෙදෙනා ඇප කරුවන් සේ පෙනි සිටියහ.
2004 මැයි මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දි නීති විරෝධිව ගිනි අවියක් හා උණ්ඩ තොගයක් සන්තකයේ තබා ගැනීම සහ අයුතු ජනරාශිය යන චෝදනා මත සැකකාර මන්ත්‍රිවරයා සමග තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි. මෙම නඩුවේ එක් සැකකරුවෙකු මිය ගොස් සිටි අතර තවත් අයෙකු නිදොස් කොට නිදහස් කර තිබුණි.වැඩිදුරටත් නඩු විභාගය ලබන මස 6 වන දිනට කල් තැබිය.

