පාර්ලිමේන්තු නියෝජිතයෝ මූර් හමුවෙති


(විනිතා ගමගේ)                              

මේ දිනවල ඇමරිකාවේ අධ්‍යයන චාරිකාවක යෙදෙන කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඇමෙරිකා කොන්ග්‍රසයේ දී එහි වෙළඳාම පිළිබඳ ප්‍රධානී ග්වේන් මූර් මහත්මිය ද හමු වූහ. 

නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියද මෙම කණ්ඩායම නියෝජනය කරති. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරු ද මෙම චාරිකාවට එක්ව සිටිති.