පාර්ලිමේන්තු කටයුතු සභාවට බැසිල් - පොන්නම්බලම් පත්වෙති


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී පොන්නම්බලම් යන මහත්වරුන්  පත්කර ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(6)  උදේ දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින්  මෙම පත් කිරීම කර ඇතැයිද  ඔහු පැවැසූවේය.