පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මෝටර් රථයක් මතුගම ප්‍රා.සභාවට කඩාවදී



 
 
බන්දු තඹවිට
 
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් මතුගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ වරිපනම් අංශයට කඩාවැදීමෙන් එහි රාජකාරියේ නිරතව සිටි ගැබිණි නිලධාරිනියක අනු නමයෙන් දිවි ගලවාගෙන ඇත.


කිසියම් කටයුත්තකට මතුගම ප්‍රාදේශීය සභාවට පැමිණි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරියකු මෙම මෝටර් රථයේ පැමිණ ඇති අතර එය ප්‍රාදේශීය සභාවේ රථ ගාල අවහිර වන සේ නවතා තිබිණි. 


ආරක්‍ෂක සේවයේ නිරත සේවකයකු මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත්කර රථ ගාලේ නවතා තබන ලෙස ඉල්ලා ඇති අතර රියැදුරු එම මෝටර් රථය රථගාලේ නතර කිරීමට යාමේදී නැවත පිටතට ගැනීමට නොහැකිවී ඇත. 


රථය ප්‍රාදේශීය සභාවේ වරිපනම් අංශයේ බිත්තියක් සහ ජනේලයක් කඩාගෙන එම ගොඩනැගිල්ල තුළට කඩා වැදී ඇත.


අදාළ අවස්ථාවේදී රාජකාරී කටයුතුවල නිරත වී ඇත්තේ දරු ප්‍රසුතියකට සුදානමින් සිටින ගැබිණි නිලධාරිනියෙකි.