වසර දෙකක් පමණ දරුවන් තිදෙනා සමඟ සිටි නිවස අහිමි වීමෙන් පසු පසුගිය 16 වැනිදා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ රැදී සිටි ඩබ්ලිව් ශිරෝමී මහත්මියට ‘ සෙවණ නිවාස ‘යෝජනා ක්‍රමය යටතේ නිවසයක් ඉදි කර දීමට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (19) එකඟ විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කළමණාකරු ආර් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් අද අම්බලන්ගොඩ තිලකපුරයේ රජයේ ඉඩමක පර්චස් හයක දින සීයයකින් රුපියල් ලක්ෂ හය හමාරක් වටිනා නිවසක් ශිරෝමී මහත්මියට ඉදි කර දෙන්නැයි ප්‍රේමදාස මහතා උපදෙස් දී දුන්නේය.





