ගාල්ල වක්වැල්ලේ සිට ගිං ගඟේ ගංවතුර බාධකය මතින් තෙලිකඩ, පෝද්දල හා බද්දේගම දෙසට දිවෙන මාර්ගය පිළිසකර කැර දෙන ලෙස ඉල්ලා ගෝනපුර ගම්වැසියෝ අද ඒ මාර්ගය හරස්කරමින් පැය එකහමාරක පමණ කාලයක් විරෝධතාවක නිරත වූහ. මාර්ගයේ ජලය පිරුණු වළවල් හේතුවෙන් ගමනා ගමනය අනාරක්ෂිත බවත් බස් රථ වළක වැටී ප්‍රපාතයට පෙරළී යා හැකි බවත් ගැමියෝ කියති. කලකට ඉහත ශ්‍රී ලංකාවේ දිගම පාලම ලෙස හැඳින්වූ වක්වැල්ල පාලම ද මේ මාර්ගයේ ගිං ගඟ හරහා පිහිටා ඇත.


