පාප්තුමා තෑග්ග ලංකාවට තෑගි කරයි


ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා සංචාරයේදී කතෝලික රදගුරු සභාව වතිකානයට පිරිනැමූ රුපියල් ලක්ෂ 87 නැවත ශ්‍රී ලංකාවට දීමට පාප්තුමන් තීරණය කර ඇතැයි කොළඹ අගරදගරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියයි.

එම ආධාර මුදල් පාප්තුමන් විසින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමන්ට ලබාදීමට පියවර ගෙන ඇත.

එම පරිත්‍යාගයෙන් මෙරට වෙසෙන දුගී ජනතාවට පිහිටවන ලෙසත් ඒ ගැන තමාට වාර්තාවක් ලබාදෙන ලෙසත් පාප්තුමන් කාදිනල්වරයා දැනුම්වත් කර තිබේ.