ප්‍රැන්සිස් පාප්තුමාගේ ශ්‍රී ලංකා ගමන මේ වසරේ කාල සටහනට ඇතුළත් වී නැතැයි වතිකාන මාධ්‍ය ප්‍රකාශක පෙඩ්රික් ලොම්බාර්ඩි පියතුමා වතිකාන මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් ආරාධනා ලැබී ඇති බවත් කිසිදු ගමනක් ස්ථිර කැර නැති බවත් ඒ ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් මාධ්‍ය ප්‍රකාශක කීවේය.
පිලිපීනය හා බොස්නියා හා හර්සිගොවිනා රාජ්‍යයෙන්ද ඇරියුම් ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.