පාන් ගෙඩිය යළි නගී


පිටි මිල වැඩි කිරීම නිසා පාන් මිල රුපියල් 2 - 3 අතර මිලකින් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියයි. සෙසු බේකරි නිෂ්පාදන මිලද වැඩිකරන බව ඔහු පවසයි. මිල වැඩි කරන දිනය තීරණය කර නැත.