(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත විවිධ එන්නත් මාත්‍රා ගැනීම සඳහා රැගෙන එන කුඩා දරුවන් දැඩි සෞඛ්‍යය තර්ජනයකට මුහුණ පා ඇතැයි මවුපියවරු පවසති
කුඩා දරුවන්ට එන්නත් මාත්‍රාව ලබාදෙන ස්ථානයට මඳක් දුරින් කොරෝනා වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීමට සිදු කරන රැපික් ඇන්ටිජන් ,මෙන්ම පි සි ආර් පරීක්ෂණ කටයුතු කිරීමෙන් තම දරුවන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් බව එම මවුපියවරු පවසති.
ආසාදිත තත්ත්වයට පත්වන පුද්ගලයන් දරුවන් රැගෙන එන මව්වරුන් හා මුහුණට මුහුණ හමු වීම මෙන්ම පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු එම පුද්ගලයන් එම ස්ථානයේම රැඳී සිටීම මෙම අවදානම් තත්ත්වය තවදුරටත් වැඩි වන බව එම මව්වරු පවසති
දරුවා රැගෙන එන මව්වරුන් මුව ආවරණයක් පැළඳ සිටියත් කුඩා අත දරුවන්ට මුව ආවරණ පැළඳීමට නොහැකිවීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇතැයි ඔවුහු පෙන්වා දෙති
මේ පිළිබඳ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය )
ඇත්තටම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා .මෙවැනි බරපතළ ගැටළුවක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කිරීම ගැන ,වහාම මේ පිළිබඳ අවධානය යොමුකර දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා .ඒ වගේම අනෙකුත් පරීක්ෂණ සිදු කිරීමට සුදුසු ස්ථානයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනවා

