පානදුර දුවට පිහිට පතයි


පානදුර ශාන්ත ජෝන් බාලිකා විදුහලේ ඉගෙනුම ලබන හෂිනි නතාෂා සන්දනායක (16) දැරිය කොඳු ඇට පෙළ ඇදවීමේ (ස්කෝලියෝසිස්) රෝගයෙන් පෙළෙන බව ප්‍රධාන අස්ථි ශල්‍ය වෛද්‍ය සජන් කේ. හෙජ් මහතා පවසයි. රෝගය සුව කිරීමට රුපියල් ලක්ෂ 20 ක් පමණ වැයවන බව චෙන්නායි නුවර ඇපලෝ රෝහලින් දන්වා ඇත.

ඇගේ රෝගී තත්ත්වය හේතුවෙන්ම පෞද්ගලික ගොවිපළක කළමනාකරුවකු ලෙස සුළු රැකියාවක් කළ ඇගේ පියාද සැත්කමට මුදල් සෙවීම සඳහා රැකියාවෙන්ද අස්විය. පාසල් යන  දරුවන් තිදෙනකුගේ අධ්‍යාපන කටයුතුද පවුලේ වියදමද නෑ හිත මිතුරන්ගේ සහායෙන් ගැටගසා ගැනීමට මවටත් පියාටත් සිදුවී ඇත. මව ප්‍රියංගා ඉලේපෙරුමආරච්චිටද රැකියාවක් නැත.  තම දියණිය සුව කර ගැනීම සඳහා ඔවුහු පරිත්‍යාගශීලීන්ගේ උදවු පතති.

ඇය වෙනුවෙන් කැරෙන ආධාර මහජන බැංකුව වාද්දුව ශාඛාවේ ඇගේ නමින් ඇති 262-2-001-4-0014631 ගිණුමට බැර කරන ලෙසත් වැඩි විස්තර සඳහා රවීන්ද්‍ර සන්දනායක 038-2295992 අංකයට අමතන ලෙස දන්වා සිටී.

web