පානදුර කාරයේ ඝාතනය


ප්‍රංශයේ හා ඉතාලියේ කළක් වාසය කර ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඝාතනයට ලක් වූ ප්‍රදීප් දේවනාරායන (40) ඇසුරු කළ බව කියන කතක් නීතීඥවරයකු මාර්ගයෙන් පානදුර උසාවියට භාර වීමට පැමිණ සිටි බව පොලිස් ආරංචි කියයි.

ගංගොඩවිල නුගේගොඩ පදිංචිව සිටි දේවනාරායනගේ විවාහක බිරිය ලබන පස් වැනිදා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දේවනාරායන පානදුර නගරය අසළ දී සිය කාරයේදීම ගෙල සිර කර මරා දමා තිබුණේ පසුගිය පළමුවැනිදා ය.

ඇය ඇසුරු කළ බව කියන කතගේ මව ඇතුළු හය දෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.

එම කත බණ්ඩාරගම අලුබෝමුල්ලේ පදිංචිව සිටි බව පොලිසිය කියයි.