පාදෝවා සිව්වරක් පැද්දේ


ඉතාලියේ වැනේටෝ පළාතේ පාදෝවා නගරයේ අද එරට වේලාවෙන් අළුම එකේ සිට පහ වන විට සිව් වරක් පොළොව හෙල්ලී ගියේය. අලුයම එකට පමණ සිදුවූ භූමි කම්පාව සුළු වශයෙන් දැනුණු බවත් අලුයම 4ට පමණ සිදුවූ භූමි කම්පාව ප්‍රභල බවත් වාර්තා විය. ‘අපේ ගෙය දොදොල් ඛෑල්ලක් වගේ හෙල්ලුණා. මම වහාම ගෙයින් එළියට පැන්නා. ආපදා අනතුරු සංඥාත් ක්‍රියාත්මක වුණා‘යැයි අපේ වාර්තා කරු කියයි. වැනේටෝ පළාතේ 20,000ක් පමණ ශ්‍රී ලාංකියෝ ජීවත් වෙති. එහෙත් කිසිදු හානියක් සිදුවී බව වාර්තා නොවේ.