අට වසරකට පෙර සුනාමි රළ පෙළට හසුව මිය ගිය ලාංකිකයන් සිහිපත් කරමින් ඔවුන් සියලු දෙනා හට පිං පැමිණවීමේ පින්කමක් පාදෝවා නගරයේදී පැවැත්විණි.
පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය මූලිකත්වය ගෙන කටයුතු කළ පිංකම සඳහා වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඤානානන්ද, බ්‍රේසියා විහාරාධිපති වතෝගල ධම්මික හිමිවරු වැඩම කළහ.
බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලුත්වැව ආනන්ද හිමියෝ ශ්‍රී ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැමිණ සිටි පිරිස් අමතමින් මේ වන විට ලංකාවේ ප්‍රදේශ රැසක ගංවතුරින් විපතට පත්වූවන් සඳහා හැකි උපකාරකයන් කරන මෙන් ඉල්ලීය. එම අවස්ථාවේ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ආධාර වශයෙන් එකතු විය.







