පාදෝවා නත්තල සරුයි


පාදෝවා නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ නත්තල් සැමරුම පසුගියදා සන්කාර්ලෝ දේවස්ථාන ශාලාවේදී පැවැත්විණි. පාදෝවා කිතුණු සංගමය බාර ලින්ටන් ප‍්‍රනාන්දු පියතුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ නත්තල් උත්සවය සඳහා ආගම් බේදයකින් තොරව විශාල පිරිසක් එක්වූහ. පාදෝවා හා ත්‍රෙවීසෝ නගරයන්හි ජීවත්වන දරු දැරියෝ නත්තල් සමරු ඔප කලහ.