පාදුක්ක උකස් කඩේට පැන්න දෙන්නා කොටුවෙලා


පසුගිය 12 වැනි දා පාදුක්ක උකස් මධ්‍යස්ථානයෙන් රුපියල් කෝටි එක හමාරක පමණ රත්තරන් පැහැරගත් තිදෙනා ආරක්ෂක අංශයකට සම්බන්ධ අය බවට තොරතුරු ලැබී ඇත.

සීසීටීවී කැමරාවල සටහන් පින්තූර හා එම පුද්ගලයන්ගේ පින්තූර සැසඳෙන බවත් ඔවුන් කොටුවී සිටින බවත් පොලිසිය කියයි.

මෙම කොල්ලකරුවන් අල්ලා ගැනීමට නිවැරදි තොරතුරු දෙන කෙනකුට රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක් දෙන බව කළින් කියා තිබිණි.