
(*** කැලණිය ලාල් එස්. කුමාර)
සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වන දැනට විදේශගතව සිටින බව කියන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයකු බව කියන කෙසෙල්වත්තේ රයිනා නමැත්තා පෑලියගොඩ ප්‍රදේශයේ දී පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය පවසයි.
රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයේ පොලිස් සැරයන්වරයකුට ලැබුණු තොරතුරක් මත වැටලීමක් කර ඔහු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
සැකකරු ළඟ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05 ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ වටරවුම අසල දී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ළඟ තිබී විවිධ වර්ගයේ සිම්පත් 19 ක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
27 වන වියේ පසුවන මෙම සැකකරුට විරුද්ධව මිනීමැරුමක් සම්බන්ධව නඩුවක් සහ හෙරොයින් මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු කීපයක් පවතින බවත්, අධිකරණයෙන් ලබාගත් ඇප මත සිටින බවත් පොලීසිය පවසයි.
මෙම සැකකරු කාලයක් තිස්සේ සැඟවී සිටි අතර ඔහු සපුගස්කන්ද ප්‍රදේශයේ ඥාති නිවසක සැඟවී සිටින බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
සැකකරු කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය කියයි.
බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ සහ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ අධීක්‍ෂණය යටතේ කැලණිය පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතාගේ මෙහෙයවීම පරිදි පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති මහින්ද විල්ලෝරාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන සුභාෂණ මහේෂ්, ගමගේ, විමුක්ති, පොලිස් සැරයන්වරුන් වන අනුරාධ (27267), රුක්‍ෂාන් (28405), පොලිස් කොස්තාපල් සංජීව යන නිලධාරීහු වැටලීම සිදුකර ඇත.

