පාතාල ගෝලයෙක් ඇල්පිටියේදී වෙඩි තබා මරාදමලා


(චන්ද්‍රසිරි ගුණසේකර සහ කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුහල ආසන්නයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩිතබා පුද්ගලයෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.
මරාදමා ඇත්තේ සුදුමල්ලි යනුවෙන් හඳුන්වන අයෙක් බවත්,ඔහු ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකුගේ ගෝලයකු බවත් පොලිසිය කියයි.