පාඨලීගේ රියදුරු ජනවාරි 6 තෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ජනවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර නැමැත්තාය.