පාඨලී 24 දක්වා යළි රිමාන්ඩ්


( නිමන්ති රණසිංහ )

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා  නේරංජලා ද සිල්වා මහත්මිය  අද (19)  නියෝග කළාය. 

රාජගිරිය ප්‍රදේශයේ දී  තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා

=======================================================================================
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා  අද (19)   මීට සුළු මොහොතකට පෙර රැගෙන ආවේය.

හිටපු අමාත්‍යවරයා ඊයේ (18) රාත්‍රීයේදී  ඔහුගේ නිවසේදී  කොළඹ අපරාධ කොට්ඨාස   නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.

=======================================================================================

(නිමන්ති රණසිංහ)

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය

අද රාත්‍රී 10.30 ට පමණ මෙම නඩුව අධිකරණය හමුවේ කැඳනු ලැබීය.

රාජගිරිය ප්‍රදේශයේ දී  තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා  අත්අඩංගුවට ගෙන තිබේ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

'