පාකිස්තානුවන් අමාරුවේ දමන්න සජීව වීරකෝන්ට හදිසි කැඳවීමක්
දකුණත් පිතිකරුවන්ගෙන් ගහණ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී වමතින් දග පන්දු යවන සජීව වීරකෝන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට හඳුන්වාදීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සූදානම් වෙයි.
වසර ගණනාවක සිටම, වමතින් පා දග පන්දු යවන්නන් හමුවේ දැඩි අසීරුතාවනට මුහුණ දෙන පාකිස්තානු පිලේ ක‍්‍රීඩකයන් 16 දෙනාගේ 13 දෙනකුම දකුණත් පිතිකරුවෝ වෙති. එහෙත් මුත්තයියා මුරලිදරන් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ දග පන්දු යවන්නා බවට පත්ව සිටින රංගන හේරත්ට තවත් සතියක පමණ විවේකයක් දීමට තේරීම් කමිටු නිලධාරීන් තීරණය කිරීම නිසා වමතින් දග පන්දු යවන්නකු වන 34 හැවිරිදි සජීව වීරකෝන්ට ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවා තිබේ.
මේ වන විට ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන වීරකෝන් වසර ගණනාවක් තිස්සේ දේශීය පළමු පෙළ තරගාවලියට සහභාගි වෙමින් අත්දැකීම් රැුසක් ලබා සිටින කී‍්‍රඩකයකු වන අතර පළමු පෙළ තරග 161 කදී කඩුලූ 693 ක් දවාගෙන සිටින ප‍්‍රවීණ දග පන්දු යවන්නෙකි. ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 40 කට කඩුලූ 7 ක් දවාගැනීමයි.
මීට පෙර අවස්ථා දෙකකදීම වීරකෝන් ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවන ලද නමුත් ශී‍්‍ර ලංකා හිස්වැස්ම දිනාගැනීමේ අවස්ථාව ඔහු වෙතින් ගිළිහී ගියේය.
-මේ අවස්ථාව ලැබීම ගැන මට නම් තිබෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්. මේ කැඳවීම ලැබුණේ වසර හතකට පස්සේ. වසර හතක් කියන්නේ දිගු කාලයක්. ඒ කාලය තුළ මා බොහෝ කැපවීම් කළා” යයි සජීව වීරකෝන් ඊයේ මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
-මේ ස්ථානය ලබාගන්න මා උවමනාවටත් වැඩි දේ කළා. ඒත් මගේ අධිෂ්ඨානය වෙනස් වුණේ නෑ. මා අද මෙතැන ඉන්නේ ඒ නිසායි” යයිද වීරකෝන් පැවසීය.
ශී‍්‍ර ලංකා පිලේ නායක මහේල ජයවර්ධනද සජීව කෙරේ දැඩි විශ්වාසයකින් පසුවෙයි.
-පුද්ගලිකයම මා හිතනවා ඔහු ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ස්ථානයක් දිනාගත යුතු අපේක්‍ෂකයෙක් කියා. බොහෝ විට ඔහුට හෙට තරගයේදී අවස්ථාවක් ලැබේවි” යයි මහේල ජයවර්ධන ඊයේ පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී පැවසීය.
-ඔහු මුරලි, මාලිංග බණ්ඩාර, හේරත් සහ අජන්ත මෙන්ඩිස් වැනි කී‍්‍රඩකයන් සමග පන්දු යැවීමේ යෙදුණා. ඔහු සටන්කාමියෙක්, ඔහුට අත්දැකීම් සම්භාරයක් තිබෙනවා” යයිද ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.
එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකට පසුව දණහිස් දෙකෙහිම සැත්කම් දෙකකට මුහුණ දුන් රංගන හේරත් පල්ලෙකැළේදී පැවැති පළමු එක්දින තරග දෙකට සහභාගි වූවද, පන්දු රැකීමේදී කිසියම් අපහසුතාවනට මුහුණ දී තිබේ. එබැවින් ලබන ෂතියේදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පොරතුව රංගන හේරත්ට විවේක දීම තේරීම් කමිටු නිලධාරීන්ගේ අරමුණ වී තිබේ.
මේ අතර පාකිස්තානු පිලේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් දෙදෙනකු වන සහීඞ් අෆ්රීඩි සහ මොහොමඞ් සමී දෙදෙනා අද තරගයට කී‍්‍රඩා කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.
පල්ලෙකැළේ පැවැති තරගයකදී මෙහොමඞ් සමී සිය මහපට ඇ`ගිල්ලේ ආබාධයකට ලක්වූ අතර අෆ්රීඩිට උදාරාබාධයක් වැළඳී තිබේ. එහෙත් මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම කී‍්‍රඩා කිරීමට සුදුසු තත්ත්වයක සිටියහොත් අද තරගය සඳහා යොදාගැනීමට මැළි නොවන බව පාකිස්තානු නායක මිස්බා උල්හක් ඊයේ පවසයි.
පාකිස්තානු කණ්ඩායම අද ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට පිවිසෙන්නේ ඉතාමත් ප‍්‍රබල තරග වාර්තාවක්ද තමන් සතුව තබාගනිමිනි.
පාකිස්තානු පිල මෙම කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 18 කට සහභාගි වී ඒවායින් තරග 11 ක් ජයගෙන ඇති අතර වසර 2004 න් මෙපිට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී එකම එක්දින තරගයක් හෝ පරාජය වී නැත. ශ්‍රී ලංකා පිල මෙම ක‍්‍රීඩාංගනයේදී එක්දින තරග 85 කට සහභාගී වී ඉන් 52 ක් ජය ගෙන ඇත.
දෙපිල අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ.

