පාකිස්තානු ක‍්‍රිකට් පිල ගුවන්තොටුපොළේදී...


මොහොමඞ් හෆීස්ගේ නායකත්වයෙන් පාකිස්තානු ක‍්‍රිකට් කණ්ඩායම සති හයක සංචාරයක් සඳහා පෙරේදා (28) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය. දිවයිනට පැමිණි කණ්ඩායමට ක‍්‍රීඩකයෝ 16 දෙනෙක් සහ නිලධාරීහු 09 දෙනෙක් ඇතුළත් වූහ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි - 20 ක‍්‍රිකට් තරග දෙක ජූනි මස 1 සහ 3 දෙදින හම්බන්තොටදී පැවැත්වේ.