පාකිස්තානු කි‍්‍රකට් පිලට ඉන්දියාව එන්න කියයි


අසල්වැසි රටවල් දෙක අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා වසර 5 කට පසුව ඉන්දියාවේදී කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වීම සඳහා පාකිස්තානු ක‍්‍රිකට් කණ්ඩායමට ආරාධනා කළ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. දෙරටේ රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය ලැබුණ හොත් මෙම තරගාවලිය ලබන දෙසැම්බර් සහ ජනවාරි මාසවල පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියට එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග දෙකක් ඇතුළත් වේ. පාකිස්තානු පිල 2007 වසරෙන් පසුව තරගාවලියක් සඳහා ඉන්දියාවේ සංචාරය කර නොමැත. පාකිස්තානය අවසන් වරට 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මුම්බායිහිදී ඉන්දීය පිලට එරෙහිව තරගයට සහභාගි විය.