පාකිස්තානය යළි තරගයට බසී
කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව ගොඩනැංවූ ලකුණු 225 ක සම්බන්ධතාව නිසා පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (3 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියේය.
තේ පානයෙන් අනතුරුව ලකුණු 42 ක් තුළදී කඩුලූ 4 ක බිඳ වැටීම නිසා පාකිස්තානු පිල නැවතත් තරගයට අවතීර්ණ වී සිටින අතර තරගයේ දිනයක් ඉතිරිව තිබියදී, පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ගැලවීම සඳහා ශී‍්‍ර ලංකා පිලට තවත් ලකුණු 74 ක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 5 ක් පමණි. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ පාකිස්තානු පිලට වඩා තවමත් ලකුණු 273 ක් පසුපසින් සිටිති.

