සංචාරක පාකිස්තානු පිල සහ ඉන්දීය පිල අතර තරග තු-නකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ චෙන්නායිහිදී අද (30) පැවැති පළමු එක්දින තරගයෙන් පාකිස්තානු ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක් ජයක් ලැබූහ.
නසීර් ජම්ෂීඞ් පන්දු 132 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් පාකිස්තානය ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් විය.
ඉන්දීය පිලේ පළමු කඩුලූ 5 ලකුණු 29 කට බිඳ වැටීමෙන් පසු විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 125 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.
ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 227 (සුරේෂ් රයිනා 43, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 113, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 31, ජුනයිට් ඛාන් 43/4)
පාකිස්තානය ඕවර 48.1 කදී කඩුලූ 4 ට 228 (නසීර් ජම්ෂීඞ් නොදැවී 101, යුනිස් ඛාන් 58, මිස්බා උල් හක් 16, ෂොයිබ් මලික් නොදැවී 34, බී. කුමාර් 27/2)

