පාකිස්තානය කඩුලූ 1 ට 334


කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (30 වැනිදා) සවස තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 334 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස් නොදැවී ලකුණු 172 ක් ලබා සිටි අතර අසාර් අලි නොදැවී ලකුණු 92 ක් ලබා සිටියේය. හෆීස් සහ අලි දෙදෙනා අතර පැවැති ලකුණු 256 ක අඛණ්ඩ සම්බන්ධතාව ශී‍්‍ර ලංකා පිලට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ටෙස්ට් පිතිකරුවන් දෙදෙනකු අතර පැවැති හොඳම සම්බන්ධතාව විය. දිනයේ බිඳ වැටුණු එකම කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් හිමිකම් කීවේය.