පා.මන්ත්‍රී ඩිලාන්ගේ මාසික වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට


(යොහාන් භාසුර)

‘කොවිඩ්’ අරමුදලට සම්පූර්ණ මන්ත්‍රී වැටුප පරිත්‍යාග කළ හොත් තමන්ට ජීවත්වීමට නොහැකි වන බවත් ඒ නිසා වැටුපෙන් භාගයක් පරිත්‍යාග කරන බවත් හිටපු අමාත්‍ය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

වෘත්තියෙන් නීතිඥායකු වුවද මේ වන විට උසාවියට නොයන නිසා වෙනත් ආදායමක් නොමැති බව කී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය බිරිඳගේ වැටුපෙන් ජීවත් වන බවත් සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එසේ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“මට මගේ මුළු වැටුප පරිත්‍යාග කරන්න බෑ. මොකද මට මෙච්චරයි තියෙන්නේ. ඒ නිසා වැටුපෙන් සියයට 50 ක් පරිත්‍යා කරනවා. මුළු වැටුප පරිත්‍යාග කළහොත් මට ජීවත් වෙන්න බෑ.

මගේ වෘත්තිය නීතිඥා, ඒත් මම දැන් උපාවි යන්නේ නෑ. ඒ නිසා මට ආදායමක් නෑ. මගේ පියා ගිය වසරේ මියගියා ඔහුගේ සම්පූර්ණ ඉතුරුම් දාලා තිබුණේ ‘ද ෆිනෑන්ස්’ ආයතනයේ ඒ ආයතනය කඩා වැටිලා ඒ සල්ලිවලින් ශත භාගයක් ගන්න අපිට බෑ.

මගේ නෝනා පොඩි රස්සාවක් කරනවා ඒ සල්ලිවලින් තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් පෞද්ගලිකව කල්පනා කරලා මගේ මේ මස වැටුපෙන් සියයට 50 ක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරනවා”