හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතාගේ 21 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අද උදෑසන සිදු කෙරිණි.
සජිත් ප්‍රේමදාස,දුලාංජලී ප්‍රේමදාස,හේමා ප්‍රේමදාස ඇතුළු ප්‍රේමදාස පවුලේ සියළු දෙනා ප්‍රථමයෙන් පිළිරුවට පුෂ්පෝහාර දැක් වු අතර කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ප්‍රේමදාස ජනපතිවරයාගේ මිණිබිරියක සමග පිළිරුවට දොඹකර ආධාරයෙන් මල් දමක් පැළැදවීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනක් ද පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශවාසීහු රැසක් ද මෙම අවස්ථාවට එක් වුහ.

