ප්‍රා.සබේ මන්ත්‍රී පැදවූ රිය අනතුරකට ලක්වී අයෙක් මරුට


(ඩී.ජී.සුගතපාල)

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී උදුල විශ්වජිත් මහතා පදවාගෙන ගිය ලොරි රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පිවිසුම ආසන්නයේ දී අද (28) උදෑසන ආරක්ෂක වැටේ හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි එක් අයෙකු මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ලබුදුව ගොඩකන්ද පදිංචිකරුවකු වනමලවැන්න හේවගේ ඉන්දික සිසිර කුමාර නැමැති අයෙකි.

මන්ත්‍රීවරයා සහ මියගිය අය ලොරියකින් කොළඹ බලා ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා ලොරිය පදවාගෙන ගොස් ඇති අතර මියගිය අය එහි ඉදිරිපස වම් අසුනේ සිට ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය අයගේ සිරුර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.