ප්‍රා.මන්ත්‍රී රැස්වීමට නොගෙනේ


කහවත්ත ද්විත්ව මිණී මැරුමේ සිව්වැනි සැකකාර ප්‍රදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි අද ගොඩකවෙල ප්‍රාදේශීය සභා රැස්වීමට කුරුවිට බන්ධනාගාරයේ සිට රැගෙන ඒමට නියමිතව සිටියේය. පොලීසි කිහිපයකින් පනහක පමණ බල ඇණියක් ප්‍රදේශීය සභාව අසල රඳවා තිබිණි. රැස්වීම අවසාන වන තුරුම ඔහු එහි නොගෙනා බව ප්‍රදේශීය සභා කාර්යාලය කියයි. එහෙත් ඔහුට මාස තුනක නිවාඩු අනුමත විය.