අසනීපයෙන් සිටින ලග්ගල රෝහලේ වෛද්‍යවරයාට සහ ඔහුගේ බිරියට ලග්ගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බැණවැදුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇතත් මෙතෙක් සැකකරු අත්අඩංගුවට නොගැනීම නිසා වෛද්‍යවරයා රෝහලෙන් පිටවී යන්නම යන බව දැනගන්නට ඇත.
මේ බව සැලවීමත් සමග දහසක් පමණ ගැමියෝ රෝහලට අසලට පැමිණ සිටිති.
දේශපාලන බලවතකුගේ රැකවරණ ලබා සිටින හිටපු සභාපති හෙට වන විට අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියා ඇත.
පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන මත්පැන් බී ඇද්දැයි දැනගැනීමට වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි ගැමියෝ ප්‍රශ්න කරති.
පොලිසිය වහා ක්‍රියාත්මක නොවනුයේ කිසියම් හේතුවකින් සැකකරුට වාසි ලබාදීමට විය හැකි යැයි රෝහල් ආරංචි කියයි. රෝහලේ සිටිනුයේ මෙම වෛද්‍යවරයා පමණී.
ඔහු ලග්ගල වත්මන් මන්ත්‍රීවරයෙකි.

