ප්‍රා. සභා මන්ත්‍රිනී පැහැරගනී


බුලත්සිංහල ප්‍රා‍දේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී පණ්ඩිතරත්න(29) තෙබුවන වරකාගොඩදී ඉරිදා රාත්‍රී පැහැරගෙන ගොස් ඇතැයි ද අද උදේ වනතුරු ඇය සොයාගැනීමට නැතැයි ද බුලත්සිංහල හා තෙබුවන පොලීසි ඒකාබද්ධ සෝදිසියක් අරඹා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කාරයකින් ආ නාදුනන පිරිසක් ඇය කවර කාරණයක් සඳහා පැහැර ගත්තේ දැයි පැහැදිලි නැත.