ප්‍රා. මන්ත්‍රිනී පැහැරගත්තැයි තිදෙනෙක් සැකපිට
බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී අනූපමා පණ්ඩිතරත්න පසුගිය මැයි 20 දා පැහැරගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්, රියදුරෙක් සහ ගරාජ හිමියෙක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කොරියා රැකියා දෙන බව කියමින් මෙම මන්ත්‍රිනිය මුදල් ගත්තැයි කියන පැමිණිලි 10 ක් ද පොලීසියට ලැබී ඇත. එම මන්ත්‍රිනිය ගිය සතියේ ගොඩකවෙලදී මුදා හරින්නට පෙර කහවත්ත හා කටුවන ගෙවල්වල ද හෝටල්වල රඳවාගෙන සිටි බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

