(උපාලි රණවීර)
කොළඹ නගර සභාව මගින් කොළඹ නගරයේ කසල කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට ලොරි මගින් රැගෙන ඒමේදී පිවිසුම් මාර්ගය අවහිර කීරම ඇතුළු චෝදනා 6ක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු හය දෙනකුට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(18) වරෙන්තු නිකුත් කළේය.
පූගොඩ අධිකරණයේ විභාගවන නඩුවට පෙනී නොසිටීම නිසා ඔවුන්ට වරෙන්තු නිකුත් කෙරුණු අතර ඔවුන් හය දෙනාගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙසද මසේත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද නියෝග කළාය.

