ප්‍රශ්න පත්‍රයේ අවුලක් නෑ


අපොස උසස් පෙළ විභාගයේ සවස දිය යුතු භූගෝල විද්‍යාව දෙවැනි කොටස අඩංගු මුද්‍රතැබූ කවරය වැරදීමකින් කරන්දෙණියේ දී කැඩු බවට කිසිවකු පැමිණිල්ලක් කර නැතැයි  ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.පී  ප්‍රේමදාස මහතා කියයි. ඔහු එසේ කියනුයේ එම ප්‍රශ්න පත්‍රය වැරදීමකින් කඩා ඇති බවට මව්පියන් පිරිසක් කළ පැමිණිල්ලක් ගැන විමසූ අවස්ථාවේදීය. කෙසේ වෙතත් එම ප්‍රශ්න පත්‍රය පිටවී නැති බව විභාග ශාලා ආරංචි මාර්ග කියයි.