ප්‍රශ්න පත්‍ර බලන්න අත්තිකාරම් ඉල්ලයි


ඔක්තෝබර දෙවැනිදාට පෙර උසස් පෙළ ඇගයීම් කරන ගුරුවරුනට අත්තිකාරම් නොගෙව්වොත් තුන් වැනි දා සිට ඇගයීම් කටයුතුවලින් ඉවත් වන බව ලංකා ගුරු සංගමය කියයි.

උසස් පෙළ ඇගයීම් කටයුතු ආරම්භවීමෙන් දින පහක් ඇතුළත ඇගයීම් කටයුතුවල නිරත වන ගුරුවරුන්ට රුපියල් 5000 ක අත්තිකාරම්   ගෙවිය   වුවත් තෙවෙනි අදියරේ ඇගයීම් කටයුතු ඇරඹී දින හතකට වැඩි කාලයක් ගත වී තිබියදීත් ඇගයීම් කටයුතුවල නිරත  අත්තිකාරම් මුදල ලබාදී නැති බව  ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මේ නිසා දිවයිනේ ඈත ප්‍රදේශවල සිට ඇගයීම් සදහා ගොස් සිටින ගුරුවරු දැඩි අපහසුතාවකට පත්වී ඇති බව ච, ඇගයීම් කටයුතු කිරීමේදී නිදහස් මානසිකවයක් අවශ්‍ය වටපිටාවක මේ ආකාරයෙන් කටයුතු සිදුවීම බරපතල තත්වයක් බව ද කියන ස්ටාලින් මහතා අද පස්වරු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් පිරිසක් ඇගයීම්වලින් ඉවත්ව විරෝධතාවක් පැවැත්වූ බවද කියයි.