ප්‍රශ්න 18ක් සමානයි


රට පුරාම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු අපොස සාමාන්‍ය පෙළ  විභාගයේ විද්‍යා ප්‍රශ්නපත්‍රයට පෙර ඔහුගේ පන්ති සිසුන් අතර බෙදා දුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක් ම විභාග දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ඒ ආකාරයෙන්ම වාගේ තිබීම ගැන ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා විභාග කොමසාරිස්ට හා ජනපති ලේකම්ට අද පැමිණිලි කළේය. සබැඳි පුවත්... විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?