ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිට අදත් බාධා


(යොහාන් භාසුර)

නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයාට අද (3) පෙරවරුවේ සහ ඊයේ (2) පස්වරුවේ බලපෑම් කලේ යැයි කියන සේවකයන් කීපදෙනෙක් සම්බන්ධයෙන් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වන වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා අද පෙරවරුවේ නැවතත් කොහුවල පොලිසියට පැමිණිලි කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අදාල පුද්ගලයන් සිය රාජකාරියට බාධා කරන බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් සභාපතිවරයා කොහුවල පොලිසියට පැමිණිලි කර ප්‍රකාශයක් දුන් බව කී එම උසස් පොලිස් නිලධාරියා කොහුවල පොලිසියේ නිලධාරීන් ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කළ බව ද සඳහන් කළේය.

සේවකයන් පිරිසක් එම ආයතනයේ සභාපතිවරයාගේ රාජකාරියට බාධා කරන බවට මීට පෙර ද පැමිණිළි කීපයක් ලැබී ඇති බවත් ඔවුන්ව හදුනිගෙන නීතියානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.