ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ හොර වෛද්‍ය සහතික ජාවාරමක්


 (ජයන්ත සමරකෝන්) 
අසත්‍ය වෛද්‍ය වාර්තා රුපියල් 2,000-4,000 අතර මුදලකට නිකුත් කිරීමේ අළුත්ම ජාවාරමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  වේරහැර කාර්යාලය තුළ  සිදු වෙන බව  ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අනාවරය කරගෙන තිබේ

තමන් රවටා මුදල් ලබා ගන්නා බවට මහජනතාවගෙන් ලද පැමිණිලි අනුව කළ පරීක්ෂණ වලින් අමාත්‍යවරයා එහි කළ සංචාරයකින් අනතුරුව මෙම තොරතුරු හෙළි කරගෙන ඇත.

 රුධිරගත සීනී මට්ටම වැඩි හා දියවැඩියාව රෝගයෙන් පෙලෙන පුද්ගලයකුට වූවද මේ අනුව මුදල් දී  මෙම වාර්තා ලබාගැනීමේ හැකියාව පවතින බවද ඇතැම් සේවකයින්  තැරැව්කරුවන් හා එක්ව කාලයක් මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයිද හෙළිවී තිබේ.

මෙම වංචනික ක්‍රියා මැඩපැවැත්වීම සඳහා දැනට අකර්මන්‍යව පවතින වැටලීම් අංශය වහාම ශක්තිමත් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.