ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ තොගයක් පිටකොටුවෙන් හමුවෙයි


(මහින්ද නිශ්ශංක)

අලෙවි කිරීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 36,400 ක් පිටකොටුවේ පිහිටි ගබඩාවක සහ වෙළඳ සැලක තිබී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (30) සහ අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධව ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විරුද්ධව පාරිභෝගික සේවා අධිකාරිය නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.