
(අජන්ත කුමාර අගලකඩ සහ ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරනු ලැබ සිටියි.
එම පත්කිරීමට අදාළ ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලබා අද පෙරවුරුවේ ප්‍රදානය කරනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්ප කුමාර, මොහොමඩ් මුසම්මිල් මහජන අසංක නවරත්න යන මහත්වරු ද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරු ලෙස කටයුතු කරති.
මධ්‍යම පළාතේ ක්‍රිඩා හා යෞවන කටයුතු ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය වශයෙන් මිට පෙර කටයුතු කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්කෝන් මහතාගේ පුත්‍රයාය.


