ප්‍රබල ආවා සාමාජිකයින් සිව් දෙනෙකු කඩුත් එක්ක අත්අඩංගුවට


 

 

රොමේෂ් මධුෂංඛ

 

යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ප්‍රබල ආවා සාමජිකයින් සිව් දෙනෙකු දින දෙකක් තුළදී අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි.

යාපනය පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරු වලට අනුව පසුගිය 12 වැනි දා යාපනය කෝපායි උරුම්පිරායි ප්‍රදේශයේ දී ප්‍රබල ආවා සාමාජිකයින් දෙදෙනෙකු වන මෝහනදාස් දිනෝෂණ් හා ලංකේෂ්වරන් සමිත්මන් යන අය කඩු දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

කෝපායි නිර්වේලි බටහිර ප්‍රදේශයේ දී කනපති සුභාස්කරන් සහ කන්දවේල් නික්ෂණ් යන ප්‍රබල ආවා සාමාජිකයින් දෙදෙනෙකු කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බවටද කෝපායි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් ආවා සාමාජිකයින් පසුගිය දිනයන් හි යාපනය දිස්ත්‍රික්කයේ සිදු වූ පහරදීම් හා මංකොල්ලකෑම් රැසකට සමබන්ධ බවටද තොරතුරු අනාවරණය වී ඇති අතරම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබේ.