(අජන්ත කුමාර අගලකඩ)
රජය සතු ප්‍රධාන පෙලේ හෝටල් සමාගම් තුනක් එකතු කර එක් සමාගමක් ආරම්භ කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
ග්‍රෑන්ඩ් හයාට්,හිල්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යන සමාගම් එකතු කර මෙම නව සමාගම ආරම්භ කෙරේ.
රජය සතුව පවතින මෙම හෝටල් සමාගම් වහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය සහ ලංකා බැංකුව යන රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ අයිතිය ඇති එකම සමාගමක් බවට මේ යටතේ පත් කෙරෙනු ඇත.
එම හෝටල්වල පාලනය එක් අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් සිදුකිරිමටත් එහි බහුතර අයිතිය රජය සතුව තබාගෙන උපරිමය 49% ක් ලෙස එහි කොටස් අයිතිය කොටස් වෙළඳපොළට විවෘත කිරිමටත් ඉඩ ප්‍රස්ථා සැලසෙනු ඇත.

