ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ආදර්ශ තැපැල් කාර්යාල කිරීමට යයි


 ( ජයන්ත සමරකෝන්)
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව කොම්පඤ්ඤවීදීය , හෝමාගම, කුරුණෑගල හා මාතර හා මාකඳුර  යන ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ලබන අප්‍රේල් මාසයට පෙර ආදර්ශ තැපැල් කාර්යාල බවට පත්  කිරීමට කටයුතු යොදා ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
 

ඒ සමඟ  උප  තැපැල් කාර්යාල 500 ක්ද,අන්තර්ජාල  පහසුකම් සහිතව ජාලගත කිරීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා  කීවේය.
 
දිවයින පුරා උප තැපැල් කාර්යාල 3810 ක්ද ප්‍රධාන තැපැල් කාර්යාල 653 ක්ද ක්‍රියාත්මකවේ.