(යොහාන් භාසුර)
රත්තොට ඇතුළු ප්‍රදේශ කීපයකට අද රාත්‍රී 8.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවත් රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශ මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් එම මණ්ඩලය කියයි.
ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1939 එම මණ්ඩලයේ ක්‍ෂණික දුකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.

