ඩයනා උදයංගනී
බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එයින් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (2) පෙරවරු 11.00 සිට අනිද්දා (3) අළුයම 3.00 දක්වා පැය 16ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මීගමුව නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන ප්‍රදේශය, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය සහ කටුනායක ගුවන් තොටුපල යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවනු ලබන බව එම මණ්ඩලය සඳහන් කරයි.

