ප්‍රතිසංවිධාන අස්සේ ගුටි බැට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන කටයුතු පැවැත්වමින් සිටිය දී, ග්‍රාමා සේවා වසම් බෙදීම පිළිබඳ ඇති වූ ගැටළුවක් හේතුවෙන් අම්පාර නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් ගුටි කෙළියක් බවට වර්ධනය වීමට ගිය ද නගර සභාපති ඉන්දික නලින් මහතා එය වැළැක්වීමට පියවර ගත්තේය.  නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතාගේ ප්‍රතිසංවිධාන කටයුතු පැවැත්විණි.