කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා ප්‍රංශයේ පනවන ලද සෞඛ්‍යමය හදිසි අවස්ථාව ජූලි 10 වනදා ඉවත් කරන බව ඒරට රජය පවසයි.
ඒහෙත් රැස්වීම් පැවැත්වීමට සහ ඒහා මෙහා ගමන් කිරීම සීමා කිරීම සඳහා පනවා තිබූ නියෝග තවත් මාස 4ක් දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.
පොදු ප්‍රවාහනයට මුහුණු ආවරණ අනිවාර්ය කර ඇති අතර අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීම තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
නිවෙස් වලින් බැහැර ස්ථාන වලදී අවම වශයෙන් මීටරක දුර තබාගැනීමට ජනතාව උනන්දු කරනු ලබයි.
මාර්තු මාසයේදී ප්‍රංශයේ කොරෝනා රෝගය පාලනයකින් තොරව ව්‍යාප්ත වන විට මෙම හදිසි අවස්ථා නියෝග පනවන ලදී.
මැයි 11 වන දින සිට අගුලු දැමීම් ඉවත් කිරීමට ප්‍රංශ රජය කටයුතු කළේය.
සෞඛ්‍ය අංශ පවසන්නේ දැඩි සත්කාර ඒ්කක වල ප්‍රථිකාර ලබමින් සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින බවයි. පසුගිය අඟහරුවාදා දිනයේ පළමු වතාවට දැඩි සත්කාර ඒ්කක වල සිටින රෝගීන් සංඛ්‍යාව 1,000ට වඩා පහල ගියේය.
යුරෝපයේ තෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළේ ප්‍රංශයයි.
ප්‍රංශයේ මේ වනවිට සිදුව ඇති කොරෝනා වයිරස මරණ සංඛ්‍යාව 29,296ක් වන අතර ඒය ලෝකයේ පස්වන ඉහලම අගයයි.
තහවුරු වී ඇති කොරෝනා වයිරස ආසාදිතයන් ගනන 154,591 කි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

